1925
Once Upon A Time In Ceylon
මරණින් නිමා නොවූ සදාතනික ආදරය....
2016 වසර...
ලන්ඩන් නගරයේ සිය උසස් අධ්‍යාපනය නිම කළ සිදත් නැවත ලංකාවට පැමිණ සිය පියාගේ තේ වතුයායේ වැඩ කටයුතු සඳහා හපුතලේ ප්‍රදේශයට පැමිණෙන්නේ ජීවිතයේ පළමු වතාවටය. එහෙත් හපුතලේ ප්‍රදේශයට පැමිණි මොහොතේ සිටම ඔහුට දැනෙන්නේ අමුතු හැඟීමක් ජීවිතයේ කිසිදා නොපැමිණි ප්‍රදේශයේ හුරු පුරුදු බවකි.. පියාට අයත් බංගලාවට පිවිසි සිදත්ට එතැන් පටන් අමුතුම සිදුවීම් රැසකට මුහුණ දීමට සිදු වේ. ඔහුට අත්භූත සිහින රැසක් පෙනීමට පටන් ගන්නේ සිදත් පුදුමයට මෙන්ම මානසික පීඩාවට පත් කරමිනි... ඒ නිසාම සිහිනවල තේරුම සොයා යෑමට ඔහු තීරණය කරයි.. මේ සොයා යෑම ඔහු කිසිදා නොසිතූ විශ්මයජනක සොයාගැනීමකට මුල පුරයි.
සිදත්ට වරින් වර පෙනෙන අද්භූත සිහින සහ මායා දර්ශන මොනවාද?
සිහින තුළින් දිස්වන නාඳුනන සුදු ජාතිකයන් කවුරුන්ද?
හුදෙකලා වතු බංගලාව අවට සැරිසරන සුදු යුවතියගේ ආත්මයේ අරමුණ කුමක්ද?
පාළු දිය ඇල්ල පාමුලට පාවී එන මළ සිරුර කාගේද?
📙📙📙📙📙📙📙
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ලක්දිව පාලනය කල 1920 දශකය...
හපුතලේ මන්දාරම් අහස යට ආදරණීය යුවලක් අතර ගොඩනැගෙන ආදරයක්.
මරණින් නොනවතින සදාතනික ආදරයේ පුනරාගමනයක්...
ඇලන්ටත් සඳමාලීටත් සිදු වූ ඛේදනීය ඉරණම කුමක්ද?
සැබැවින්ම මරණය යනු නිමාවක්ම ද?
මේ සියල්ලේ අවසාන ඉරණම කුමක් සිදු වේවිද?
" මේ සංසාර ගමන කියන එක හරිම පුදුම දෙයක්"
"අපි ආත්මයෙන් ආත්මයට අපේ බැඳීම් අරගෙන සංසාර ගමන යනවා. එක ආත්මක වෙන් වෙච්ච අය, ඊළඟ ආත්මෙක ආපහු හමුවෙනවා ඇති. ඒත් අපි කීයෙන් කී දෙනාද ඒ අයව අඳුර ගන්නෙ"...
- 1925-
ඉමේෂ් මධුශංඛ යාපාගේ ස්වතන්ත්‍ර නිර්මාණයක් ලෙස ලියැවුණු මේ පොත කාලෙකින් කියවපු ලස්සනම පොතක්..කියවද්දී අමුතුම හැගීමක් දැනුන ඒ චරිතත් එක්ක ඒ ලස්සන පරිසරයෙ ජීවත් උන අමුතුම ආදරණිය වගේම ගොඩක් දුක හිතුණු කතාවක්.. කතාව පටන් ගත්ත වෙලාවේ ඉදලා කියවලා ඉවර වෙනකල් කුතුහලය පිරුණු ලස්සන කතාවක්...
මරණින් මතු නිමා නොවූ සදාතනික ආදරයක පුනරාගමනයේ ඉරණම ගැන දැනගන්න 1925 කියවලා බලන්න....
📙📙📙📙📙📙📙📙📙📙📙📙

No comments:
Post a Comment